Google වෙතින් නරක ආරංචියක්.

Google Photos කියන්නෙ අපි හැමෝම පාවිච්චි කරන Google විසින් ලබාදෙන ජායාරූප බෙදාගැනීමේ(photo sharing) සහ ගබඩා(storage) කිරිමේ සේවාවකි.

අද වන විට ජායාරූප ට්‍රිලියන 4ට වඩා Google ජායාරූප ගබඩාකර තිබෙන අතර සෑම සතියකම අලුත් ජායාරූප සහ වීඩියෝ බිලියන 28ක් උඩුගත වේ. මෙලෙස ගබඩා කිරීම සඳහා තිබෙන ඉල්ලුම ඉහළ යාම නිසා මෙතෙක් කාලයක් නොමිලේ ලබාදුන් අසීමිත ගබඩා කිරීමේ පහසුකම 2021 ජූනි 1 වනදා සිට උසස් තත්වයේ (high quality) ජායාරූප සඳහා නවතා දමන බව Google සමාගම නිවේදනය කළේය. 

ඒ අනුව, 2021 ජූනි 1 වනදා සිට ඔබ උඩුගත කරන ඕනෑම අලුත් ජායාරූප සහ වීඩියෝ සඳහා Google Drive එකේ storage එක වැයවනු ඇත.

දැනට පවතින ජායාරූප හෝ 2021 ජූනි 1 දිනට පෙර උඩුගත කරන ලද උසස් තත්වයේ ඕනෑම ජායාරූප සහ වීඩියෝ සඳහා මේ ගැටළුව ඇති නොවේ. එනම් එදිනට පෙර උඩුගත කරන ඒවා Google Drive එකේ storage එකේන ගණන් ගැනෙන්නේ නැත.

Google පුද්ගලීකරණය කළ ඇස්තමේන්තුවක්(personalized estimate) නිර්මාණය කර ඇති අතර එය පරිශීලකයා කොපමණ ප්‍රමණයක් නොමිලේ ගබඩාව භාවිතා කරන්නේද යන්න පිළිබදව තොරතුරු සපයයි. එමගින් පරිශීලකයාට තමන්ගේ කෝටවට(quota) ළගා වන තෙක් තොරතුරු දැකගත හැකිය. ගබඩා සීමාවට ළගා වන විට විද්‍යුත් තැපෑල(e-mail) මගින් පරිශීලකයා දැනුවත් කරයි. එය භාවිතා කිරීමට https://photos.google.com/storage වෙත පිවිසෙන්න.

නොමිලේ ලබාදෙන storage limit එක (15GB) පසුකිරීමෙන් පසුව, ජායාරූප සහ වීඩියෝ උඩුගත කිරීමට වැඩි ඉඩක් අවශ්‍ය නම් කලින් උඩුගත කළ අනවශ්‍ය ඒවා මකා දමා නැවත භාවිතා කළ හැකියි. නැතහොත්, Google One හරහා ඉඩකඩ පුළුල් කර ගත හැකියි. එහිදී මසකට 100GB සදහා $ 1.99 (මසකට රු. 250ක් පමණ) අය කෙරේ.

කෙසේවෙතත් ඔබට ඇත්තේ  Pixel 1-5 දුරකථනයක්  නම්, එයින් උඩුගත කරන ජායාරූප හෝ වීඩියෝ සදහා බලපැමක් 2021 ජුනි 1 දිනෙන් පසුවද බලනොපායි.

මූලාශ්‍රය : https://blog.google/products/photos/storage-changes

Author

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.