හැමෝම කතාකරන #fivedifferentlookchalleng කියන තරම් භයානක දෙයක් ද?

මේ දිනවල අපිට #fivedifferentlookchallenge නම් අභියෝගය ගැන නිතරම අහන්නට දකින්නට ලැ‌බේ. රටේ උද්ගත වී තිබෙන covid-19 තත්වයත් සමග මිනිස්සු සමාජ මාධ්‍ය තුල ගත කරන කාලය වැඩි වී තිබේ.

එසේම සමාජ මාධ්‍ය තුල කවුරු හෝ පුද්ගලයෙක් කුමන හෝ දෙයක් කිරීමට ආරම්භ කළ විට එය ඉතා ඉක්මනින් පැතිරීමට පටන්ගනී. අපි එය ප්‍රථමයෙන් සිදුකළේ  කවුරුන්ද වග න‌ොදන්නමුත් රැල්ලට සියල්ලෝම  එය සිදු කරයි. එය සාමාන්‍ය තත්වයක්. පසුගිය කාලෙයේ අපි එවැනි ආකාරයේ විවිධාකාර අභියෝග (#challenge) විශාල ප්‍රමාණයක් දුටුවෙමු. ඒ අනුව twitter අඩවියෙන් ආරම්භ වූ  #fivedifferentlookchallenge නම් අභියෝගය මේ දිනවල trend එක බවට පත් වී ඇත.

ඒත් සමගම #fivedifferentlookchallenge නම් අභියෝගය දැන් සමාජ මාධ්‍ය තුල විශාල ලෙසට  කතාබහට ලක්වෙන මාතෘකාවක් බවට පත්ව ඇත. ඇත්තටම ඒ තරම් භයානක දෙයක් ද මෙය ?

ඒ කතා වල ඇහෙන පරිදි යම් කෙනෙකුට මේ ටැගය හරහා පළ කළ පෝස්ටු එකතු කරගෙන දත්ත සමුදායක් (dataset) නිර්මාණය කළ හැකිය. එසේ සාදාගන්නා දත්ත සමුදාය (dataset) යොදාගෙන ඒ කියන ආකාරයට දත්ත (data)  ලබා දී  කෘත්‍රීම බුද්ධිය(AI) මගින් මුහුණු හඳුනාගැනීමේ ආකෘතියක්(facial recognition model) පුහුණු (train) කළ හැකිය.

නමුත් මේ කියනා තරම් බයවන්න අවශ්‍ය නැත. මක්නිසාද මීට පෙර සිදුකළ අභියෝගයත් මේ ආකාරයේම අභියෝග නිසාය . එකම වෙනස වනුයේ එක් අවස්ථාකදී එක් පෝස්ටුවක් පමණක් ටැගය භාවිත කර පළකිරීමයි. ඒ පමණක් නෙවෙයි අප එදිනෙදා අපගේ සමාජ මාධ්‍ය ගිණුම් තුල පෝස්ටු පළකරන බැවින් දත්ත සමුදායයන්මාල සඳහා එකතු කරන්නෙකුට ඒ දත්ත වුවත් අවශ්‍ය නම් රැස් කරගත හැකිය.

එම නිසා පෞද්ගලිකත්වය(privacy) ගැන එතරම්ම සිතන්නෙකු සිටී නම් තමන්ගෙ සමාජ මාධ්‍ය ගිණුම තුල පෝස්ටු පළකිරීමේදී ද සිතා බැලිය යුතුය. එම නිසා #fivedifferentlookchallenge නම් අභියෝගය කෘත්‍රීම බුද්ධිය නිසාවෙන් බය වීමට අවශ්‍ය දෙයක් නොවේ. සමහරවිටක එය අප දින පහකදි දමන පෝස්ටු එක් වරකදී  පළකරනවා වැනිය.

ඒ නිසා කෘත්‍රීම බුද්ධිය තුලින් ඔය කියනා පරිදි භීතියට පත් විය යුතු දෙයක් සිදු නොවේ. බොහෝදෙනෙක් නොදන්නවා වුවද අප භාවිත කරන ජංගම දුරකතන වල මුහුණු අගුලට(face lock) භාවිත වෙන්නෙත් කෘත්‍රීම බුද්ධිය යි. ඒ නිසා කෘත්‍රීම බුද්ධිය යනු මහ භයානක දෙයක් යැයි සිතා බිය වියයුතු නැත. 

කෘත්‍රීම බුද්ධිය හැම ක්ෂේත්‍රයකටම වැදගත් වෙන දෙයකි. කෘත්‍රීම බුද්ධිය යනු පරිගණක වැඩසටහනකට හෝ යන්ත්‍රයකට සිතීමට හා ඉගෙන ගැනීමට ඇති හැකියාවයි. කෘත්‍රීම බුද්ධිය යන යෙදුම ඇසෙන විට බොහෝ දෙනෙකුට සාමාන්‍යයෙන් මුලින්ම සිතෙන්නෙ රොබෝවරු ගැන ය. ඊට හේතුව අප දැක ඇති චිත්‍රපට සහ නවකතා මගින් පෘථිවිය විනාශ කරන මිනිස් වැනි යන්ත්‍ර පිළිබඳ කථාන්දර දැකීමයි. එහෙත් සත්‍ය එය නොවේ. මෙය පරිගණක විද්‍යාවේ පුළුල් පරාසයක විහිද පවතින්නකි. කෘත්‍රීම බුද්ධියේ අරමුණු අතර ඉගෙනීම(learning), තර්කනය(logical) සහ සංජානනය(perception) ඇතුළත් වේ.

කෘත්‍රීම බුද්ධිය සඳහා වන යෙදුම්(application) ‌බොහෝය. මෙම තාක්‍ෂණය විවිධ අංශ හා කර්මාන්ත සඳහා යොදා ගත හැකිය. සෞඛ්‍ය සේවා, මූල්‍ය කර්මාන්තය, ව්‍යාපාර, අධ්‍යපන, නීති අංශය, නිෂ්පාදන අංශය වැනි බොහෝ අංශ සදහා භාවිතා කරයි.

Author

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.