SOFTWARE FREEDOM DAY

මොකක්ද මේ Software Freedom Day කියන්නේ?

Software Freedom Day කියලා කියන්නේ අපි භාවිත කරනු ලබන නිදහස් හා විවෘත මෘදුකාංග සැමරීම සඳහා වෙන් කරගෙන තිබෙන දිනයක්. මේ දිනය ලෝකය පුරාම අර්ථවත් විදිහට සමරනු ලබනවා.

පලමුවෙන්ම Software Freedom Day එකක් සමරලා තියෙන්නේ 2004 වසරේ අගෝස්තු මස 28 වැනි දින කණ්ඩායම් 12ක් වගේ සුළු පිරිසකගේ සහභාගීත්වයෙනුයි. නමුත් මේ වන විට විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ලොව පුරා මේ දවස සැමරීම සිදු කරනු ලබනවා. 2006 වසරේ ඉඳන් Software Freedom Day එක අගෝස්තු මාසයේ සමරනවා වෙනුවට සැප්තැම්බර් මාසය තුන් වෙනි සෙනසුරාදා සැමරීමට කටයුතු යොදාගෙන තියෙනවා. විවිධ රටවල නිදහස් සහ විවෘත මෘදුකාංග භාවිතා භාවිතා කිරීම පිළිබඳ උනන්දුවක් දක්වන ස්වෙච්ඡා කණ්ඩායම් විසින් මෙය සංවිධානය කරනු ලබනවා.

 ලංකාවේ ප්‍රථමවරට Software Freedom Day එක සමරලා තියෙන්නේ 2006 වසරේ දී. ඉන් ආරම්භ වී 2020 වර්ශයට අදාලව Software Freedom Day එක NSBM හරිත සරසවි ශ්‍රවණාගාරයේ දී මෙන්ම ICBT ආයතනය මගිනුත්ඉතාමත් සාර්තක ලෙස 2020 සැප්තැම්බර් 18 වෙනිදා  සමරනු ලැබුවා. මේ වසරේදීත් Software Freedom Day එක එදිනම මාර්ගගත ආකාරයට පවත්වන්න සියලු කටයුතු සූදානම් වෙමින් පවතිනවා. පහතින් දැක්වෙන්නේ පසුගිය වසරේ Software Freedom Day එකට අදාල අවස්ථාවන් කීපයක මතක සටහන්.

මොනවද මේ නිදහස් හා විවෘත මෘදුකාංග කියන්නේ?

නිදහස් හා විවෘත මෘදුකාංග යනු පරිශීලකයාට එම මෘදුකාංග භාවිතා කිරීමට, අධ්‍යයනය කිරීමට මෙන්ම වෙනස් කිරීමට අවස්ථාව ලබාදෙන මෘදුකාංග වන අතර මේ මෘදුකාංග කිසිදු ගෙවීමකින් තොරව නොමිලේ භාවිතා කළ හැකියි. නිදහස් හා විවෘත මෘදුකාංග තුළින් සියලු දෙනාටම ඉගෙනීමට සම අවස්ථාවක් ලබාදෙනවා මෙන්ම තමන් ගේ දැනුම අන් අය සමග බෙදා ගැනීමට ද අවස්ථාවක් සලසා දෙනු ලබනවා.මෘදුකාංග සංවර්ධනය කෙරෙහි උනන්දුවක්  දක්වන අයට මෙම  මෘදුකාංග සංවර්ධනය කෙරෙහි දායක වීමේ හැකියාවකුත් පවතිනවා

 ඒ ලෙසම නිදහස් සහ විවෘත මෘදුකාංග වල කේතයන් සියලු දෙනාටම බලා ගත හැකි පරිදි ප්‍රසිද්ධ කිරීම නිසා එම මෘදුකාංග භාවිතා කරමින් තමන්ට ගැලපෙන පරිදි හා තමන්ට අවශ්‍ය වන පරිදි එම කේතයන් වෙනස් කරමින් මෘදුකාංග ප්‍රතිනිර්මණය කර ගැනීමට හැකියාවක්ද මේමගින් සැලසිලා තිබෙනවා. 

ඉතින් ඇයි අපි Software Freedom Day එක මේ විදියට සමරන්නේ?  මෙහි අරමුණක් තිබෙනවාද?

ඇත්තෙන්ම ඔව්. Software Freedom Day එක සැමරිම මගින් බලාපොරොත්තු වෙන්නේ නිදහස් හා විවෘත මෘදුකාංග පිළිබඳව ලෝකය පුරා සිටින පුද්ගලයන් දැනුවත් කිරීමයි. මෙමගින් තමන්ගේ එදිනෙදා වැඩ සඳහා, ව්‍යාපාරික කටයුතු සඳහා, නිවසේදී සිදු කරනු ලබන කටයුතු මෙන්ම රාජ්‍ය පරිපාලනය උදෙසාත් නිදහස් හා විවෘත මෘදුකාංග භාවිත කළ හැකි ආකාර වගේම ඒවා භාවිත කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ පෙන්වාදීම සඳහා මේ දිනය අවස්ථාවක් කරගනු ලබනවා. ඒ තුළින් තව තවත් සමාජය, නිදහස් සහ විවෘත මෘදුකාංග භාවිතය කෙරෙහි නැඹුරු කිරීම මෙන්ම, එම මෘදුකාංග භාවිතා කරන්නන් තවදුරටත් දිරිගැන්වීම සිදුකරනු ලබනවා.

මෙවැනි දිනයක් සැමරීම තුළින් ඩිජිටල්කරනය වුණු ලෝකය තුළ විසිරී සිටින පුද්ගලයන්ට නිදහස්ව එකිනෙකා හා සම්බන්ධ වීමට, විවිධ නිර්මාණ සිදු කිරීමට මෙන්ම ඒවා බෙදා හදා ගැනීමට සියලු දෙනාටම එක ලෙස භාවිතා කළ හැකි විනිවිද භාවයෙන් යුත් තිරසාර භාවය පදනම් කරගත් මෘදුකාංග පරිසරයක් ගොඩනැගීමට පදනමක් නිර්මාණය  කරගැනීම උදෙසා අඩිතාලම සැකසෙනවා.

  ටයිනී එගොඩ ගෙදරගේ,

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය.

Author

0 Comments

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.