Ubuntu 21.04 “Hirsute Hippo” 2021 නිකුත් වීමට නියමිතයි

ඉතා ජනප්‍රිය ubuntu linux distribution බෙදාහැරීමේ මීලඟ නිකුතුව ubuntu 21.04 වේ. දැනටමත් canonical එක විසින් මෙහි නිල මුදාහැරීමේ දිනය සහ අවසන් මුදාහැරීමේ දිනය ප්‍රකාශයට පත් කර ඇත.

Ubuntu 20.10 (Groovy Gorilla) නිකුතුවෙන් පසුව මෙම ubuntu 21.04 ඇති අතර එහි කේත නාමය “Hirsute”  යන වචනයෙන් ආරම්භ වන අතර එම නමට පසුව සත්ව නාමයක් එකතු වන අතර එය ගොඩක් වෙලාවට එන්නේ ubuntu community එකේ වැඩි චන්දයෙනි.මේ තුන් වෙනි අවස්තාව ubuntu release වල “HH” ආපු එනම් Ubuntu 5.04 “Hoary Hedgehog” and Ubuntu 8.04 “Hardy Heron”, අපිට උනත් මේ නම තෝරන අවස්තාවල ubuntu developers ලට එම “H” සත්වයා පිලිබඳ යෝජනා ලබාදෙන්න පුලුවන් ඔවුන්ගේ  forum එකට(Ubuntu Discourse topic).

මේ සියලු යෝජනා සම්මත වීමෙන් පසුව නවතම ubuntu 21.04 සංවර්ධන කටයුතු මෙම මස 29දා  ආරම්භ කරන බවට මෙහි සංවර්ධකයින් විසින් පවසා ඇත.තවද අපිට මෙම නවතම සංස්කරණය එන්නේ කවදා දැයි බලා සිටීමට අවශය නැත මන්ද මෙහි නිල නිකුතු කාල සටහන අනුව මෙහි අවසන නිකුතුව 2021 අප්‍රේල් 22 වන දිනට පෙර හා බීටා(beta) නිකුතුව 2021 අපේල් 1වනදාට පෙර පැමිනෙන බව මොවුන්ගේ forum එකෙහි දන්වා ඇත.(official release schedule).මෙම නිකුතු කාල සටහනේ අනෙකුත් වැදගත් දිනය වන්නේ 2021 පෙබරවාරි 25 වන දිනට නියම කර ඇති ubuntu 21.04 හි විශේෂාංග කැටි කිරීම සහ ඩේබියන් ආනයන කැටි කිරීමයි(Feature Freeze and Debian Import Freeze) තවද අවසාන කැටි කිරීම සහ අපේක්ෂක සන්ධිස්ථාන මුදාහැරීම(Final Freeze and Release Candidate milestones)  2021 අප්‍රේල් 15 දිනට නියම කර ඇත.

මෙම 21.04 හි පරීක්ශන සිදු කිරීමට මෙහි සංවර්දකයින් විසින් ඔව්න්ගේ කාලසටහනට පිලිවෙලින් 2020 දෙසැම්බර් 31 සහ 2021 මාර්තු 4 යන දිනයන් යොදා ඇත.ඇත්තවශයෙන්ම මෙම පරීක්ශනයන් ubuntu සංවර්දකයින්ට මහඟු උපකාරයක් වේ, මන්ද යත් මෙම පරීක්ශන සිදු කිරීමෙන් මෙම os එකෙහි ඉදියේදී පැමිනීමට හැකි ගැටළු කල් තියා විසදා ගැනීමට හැකි වන නිසා අවසාන නිකුතුව දෝශ නැති ස්තාවර os එකක් ලෙස ලෝකයාට නිකුත් කල හැකි වන නිසාය.

Ubuntu 21.04 හි නව විශේෂාංග දැන ගැනීමට තවම කල් වැඩී කියා මම සිතනවා,නමුත් එක දෙයක් මම විශ්වාස කරනවා ඒ නම් බොහෝදුරට මෙය පැමිනෙන්නේ GNOME 40 desktop environment පෙරනිමිය කරගෙනය.තවද මගේ ගනන් කිරීම නිවැරදි නම් මෙය බලගැන්වෙන්නේද Linux kernal 5.11හිය. මීලඟ LTS (Long Term Suppot) නිකුතුව 2022 අප්‍රේල් මාසයේදී ubuntu 22.04  LTS ලෙස නිකුත් වේ.

sources

phoronix , fossbytes , neowin

Author

Buddhika

I am a Management Information Systems undergraduate at NSBM.

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.