Google සමාගමේ දත්ත අතුගෑම

ගූගල් සමාගම මෑතකදී ඔවුන්ගේ ගිණුම් හා සම්බන්ධ ප්‍රතිපත්ති හා නියාමනයක්(Policies and Regulations) යාවත්කාලීන කරනු ලැබුවා.ඒ සමගම ඔවුන් විසින් ගූගල් ගිණුම් හා සබැදි දත්ත ගබඩා කිරීම් සම්බන්ධව නව ප්‍රතිපත්තියක්(New Account Storage Policy) හදුන්වා දීමට කටයුතු යොදා තිබෙනවා.මෙම ප්‍රතිපත්තිය 2021 ජූනි මස 1 වෙනිදා සිට දත්ත ගබඩා කිරීමේ පහසුකම සහිත පහත සදහන් ගූගල් සේවා සදහා බලපැවැත්වීමට නියමිතයි.

  • Google Photos
  • Gmail
  • Google Drive
  • Google Docs
  • Google Slides
  • Google Sheets
  • Google Drawings
  • Google Forms
  • Google Jamboard
Google Services

යාවත්කාලීන කරන ලද නව ප්‍රතිපත්තිය පිලිබදව මෙසේ ගූගල් සමාගම දන්වා තිබෙනවා

  • ඔබ සතුව දැනට වසර 2 කට වඩා වැඩි කාලයක් සක්‍රීයව භාවිත නොවන ගූගල් සේවා වල දත්ත ගූගල් සමාගම විසින් ඉවත් කරනු ලබන අතර,එහිදී ඉහත සදහන් ගූගල් සේවා තුල ඔබ විසින් සකස් කල ෆයිල්ස් සියල්ලම මැකී යන අතරම යම් ගූගල් ගිණුමක් වසර 2 කට වඩා වැඩි කාලයක් ගූගල් සමාගම මගින් නොමිලේ ලබාදෙන දත්ත ගබඩා කිරීමේ ප්‍රමාණය ඉක්මවා ඇති ගූගල් ගිණුම් වල දත්ත ද  මෙසේ ඉවත් කරන බවට ඔවුන් දැනුම් දී තිබෙනවා.
  • එමෙන්ම ගූගල් වන් (Google One) සාමාජිකයින් හට මෙම ප්‍රතිපත්තිය බල නොපාන බව ගූගල් සමාගම නිවේදනය කර තිබෙනවා.

මෙහිදී කියන්න ඕනෙම විශේෂ ම කාරණය වෙන්නේ මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙන්නේ 2023 ජූනි 1 වෙනිදා ඒකට හේතුව තමා බලාත්මක වීම පටන් ගන්නේ 2021 ජූනි  1 නිසා.ඒ වගේම මේ දත්ත ගූගල් සේවා වලින් ඉවත් කිරීමට පෙර දැනුවත්කිරීම් සිදු කරන බව හා ගූගල් ගිණුම ඉවත් නොකරන බවත් ගූගල් සමාගම නිවේදනය කර තිබෙනවා.ඒ වගේම G Suite for Education, G suite for Non-Profits සහ Google Workspace සදහා මෙම ප්‍රතිපත්තිය බල නොපාන බවත් ඉදිරියේදී මෙම සේවා සදහාත් සුලු වෙනස්කම් සහිතව බලාත්මක වනු ඇති බවත් නිවේදනය කර තිබෙනවා.

Google Workspace

ඒ වගේම ගූගල් එකවුන්ට් එකක් හරියට සක්‍රීය තත්වයේ පවත්වාගැනීම සම්බන්ධයෙන් විස්තර මේ ලින්ක් වලින් ගන්න පුලුවන්

https://support.google.com/googleone/answer/10214036#activity

https://support.google.com/accounts/answer/3036546

Source :- from Google

images :- cloud.google.com / medium.com

Author

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.