Linux වල අලුත්ම 5.10 LTS Kernal එක කොහොම වෙයිද?

නව linux 5.10 kernal එක සංවර්ධන කටයුතු ආරම්භ වී ඇති අතර සහ එක දිගුකාලීන ආධාරක නිකුතුවක් (LTS) බවටද .එය පොරොන්දු වූ නව විශේෂාන්ග වලින් හා නව දෘඩාංග සහායද ලබාදෙන බවද දන්වා ඇත.

The key stable kernel maintainer වන Greg Kroah-Hartman යුරෝපයේ ලිනක්ස් පදනමේ විවෘත-මූලාශ්‍ර සමුළුවේදී “Ask The Expert” වාරයේදී ඔහුගෙන් ඇසූ ප්‍රශ්නයකට පිලිතුරක් ලෙස තමයි  මීලඟ  Linux 5.10 kernel එක ඔවුන්ගේ LTS නිකුතුව වනු ඇති බව තහවුරු කරනු ලැබුවේ. (Twitter post)

මේ වන විට, ලිනක්ස් කර්නල් 5.4ය එහි නවතම LTS අනුවාදය වන අතර එහි සංවර්දයන වෙමින් පවතින කාල සීමාවල් වලදී විශාල වශයෙන් වැඩි දියුණු කිරීම් සහ දෘඩාංග ආධාරක එකතු විය.එසේම, ලිනක්ස් කර්නල් 5.8 මේ දක්වා ඇති විශාලතම නිකුතුව වන අතර ලිනක්ස් කර්නල් 5.10 පලමු නිකුතුව පරිශීලකයන්ට ඉතා ඉක්මනින් ලබාදීමට එහි නඩත්තු කටයුතු ආදී බොහෝ දෑ ඉතාමත් කඩිනමින් සිදුවෙමින් පවතී. 

දැන් අපි බලමු ලිනක්ස් කර්නල් 5.10 සමඟපැමිණෙන ඔබ අපේක්ෂා කළ හැකි සමහර විශේෂාංග සහ වැඩිදියුණු කිරීම්

ලිනක්ස් කර්නල් 5.10 තවමත් මුල් අවධියේ පවතී. එබැවින්, නවතම එකතු කිරීම් / විශේෂාංග යාවත්කාලීන කිරීම් සඳහා අපි නිතිපතා ලිපිය යාවත්කාලීන කරන්නෙමු.

  • AMD Zen 3 ප්‍රොසෙසර් සහාය
    • නව Ryzen 5000 series එක 2020 හි විශාලතම buzzes එකකි. එබැවින් ලිනක්ස් කර්නල් 5.10 නිකුතුව අපේක්ෂක අනුවාදය සමඟ zen 3 ප්‍රොසෙසර සඳහා විවිධ එකතු කිරීම් සිදු කෙරෙමින් පවතී.
  • INTEL Rocket Lake සහය 
    • ලබන වසරේ (2021) Q1 වෙත පැමිණෙන Intel’s Rocket Lake චිප්සෙට් සමඟ බොහෝ දේ බලාපොරොත්තු නොවේ. එහෙත්, එම 14 nm ක්‍රියාවලියෙන් ඉන්ටෙල් නිරන්තරයෙන් තැලෙන බව සලකන විට, ලිනක්ස් කර්නල් 5.10 හි Intel Rocket Lake සඳහා කරන ලද වැඩ දැකීම අනිවාර්යයෙන්ම හොඳ දෙයකි.
  • Radeon RX 6000 සඳහා open-source drivers
    • Radeon RX 6000 series එක අනිවාර්යයෙන්ම NVIDIA RTX 3000 series එක සමඟ තරඟ කිරීම ආකර්ෂණීය දෙයක් වනු ඇත.ඇත්ත වශයෙන්ම, එය VEGA series එක හෝ 5000 ශ්‍රේණි මුහුණ දුන් එකම ගැටලුවලින් පීඩා විඳින්නේ නැත්නම්.ලිනක්ස් කර්නල් 5.10 හි next-gen Radeon GPUs සඳහා සහය දැක්වීම සඳහා විවෘත මූලාශ්‍ර ධාවකයක් සඳහා දැනටමත් වැඩ කටයුතු කරගෙන යාම සතුටට කරුනකි.
  • File System Optimizations and Storage Improvements
    • 5.10 සමඟ ගොනු පද්ධති ප්‍රශස්තිකරණය සහ ගබඩා වැඩිදියුණු කිරීම් ගැන phoronix ඔවුන්ගේ වාර්තාවෙන් පවසා ඇත, ඒ අනුව විනිශ්චය කිරීමේදී, අප විසින් මෙහි වැඩි දියුනු වීමක් ඇති බවට දැකිය යුතුය.
  • Other Improvements
    • නව කර්නලය සමඟ ඔබේ Driver update සහ Hardware support විශාල ප්‍රමාණයක් අපේක්ෂා කළ යුතු බවට සැකයක් නැත. දැනට, SoundBlaster AE-7 සඳහා වන සහාය,NVIDIA Orin (AI processor) සඳහා මුල් සහාය සහ Tiger Lake GPU වැඩිදියුණු කිරීම් ප්‍රධාන ඉස්මතු කිරීම් ලෙස පෙනේ.
  • ලිනක්ස් කර්නල් 5.10 සඳහා ස්ථාවර නිකුතුවක් දෙසැම්බර් මැද භාගයේ දී ලැබෙනු ඇතැයි අපේක්ශා කල හැක. එය අවම වශයෙන් අවුරුදු 2 ක් සඳහා සහය ලබා දෙනු ඇත, නමුත් ඔබට 2026 වන තෙක් ආරක්ෂක / දෝෂ නිවැරදි කිරීම් යාවත්කාලීන කිරීම් ලැබෙනු ඇත. එබැවින්, ඊළඟ ලිනක්ස් කර්නල් 5.10 LTS සංවර්දනය අවසන් වී එය පැමිනෙන තෙක් රැඳී සිටිය යුතුවේ.

Source: It’s foss

Author

Buddhika

I am a Management Information Systems undergraduate at NSBM.

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.