මොකක්ද මේ Linux වල තියෙන GUI CLI සහ TLI කියන්නේ

අද අපි බලමු මොකක්ද මෙ ලිනක්ස් වල තියෙන GUI CLI සහ TUI කියන්නෙ කියලා?

ඔයාලා ලිනක්ස් පාවිච්චි කරන්න ගත්තා නම් එක්කෝ ෆෝරම් වල හරි නැත්තං ඔයා පාවිච්චි කරන ලිනක්ස් එකේ හරි එහෙමත් නැත්තං වෙබ් සයිට් එකක් හරි ඔයා අනිවාර්යෙන්ම දැකලා තියෙන්න ඕන GUI CLI TUI කියන මේ වචන ටික. අද මම ඔයාලට කියන්න ආවෙ  මේ වචන මොනවද කියලා ඔයාල දැනගන්න ඕන අවශ්‍ය කරුණු ටිකක් ඇත්ත වශයෙන්ම කියනවනං මේ වචන තුන linux user කෙනෙක්ට ම වෙන්වුන ඒවා නෙවෙයි  මේවා සාමාන්‍ය පරිගණක යෙදුම්, පරිගණක ව්‍යවහාරයේදී හොඳටම භාවිතා වන වචන ටිකක් තමා මේ අද අපි කතා කරන්න යන්නේ.

GUI – Graphical User Interface

මුලින්ම අපි කතා කරමු graphical user interfaces එහෙමත් නැත්නම් GUI කියන්නේ මොකක්ද කියලා මං හිතනවා මේ වචනය ඔයාලට ගොඩක් අහල පුරුදු වචනයක් වෙන්න ඕන කියලා. සරල ලෙසම ගත්තොත් GUI කියන්නේ ඔයාගේ පරගණකයේ ඇති mouse එක touchpad එක හෝ touch screen එක සමග අන්තර්ක්‍රියා කරන්න පුළුවන් ඕනම දෙයක්. උදාහරණයක් ලෙස ගත්තොත් පරිගණක තිරයේ ඇති අයිකන සහ වෙනත් අපිට පේන්න තියෙන වෙනත් දෘශ්‍ය දෙයකට මවුසය භාවිතා කරමින්  ප්‍රවේශ වීමට පුළුවන්.

GIMP: photo සැකසුම් සඳහාම නිමවුණු GUI application එකක්

අපි ලිනක්ස් desktop environment එක ගත්තොත් ඔයාගෙ වැඩ පහසු කරගන්න හඳුන්වලා දුන්න graphical interface විශාල සංඛ්‍යාවක් අපිට අන්තර්ජාලයේ බලාගැනීමට පුළුවන්. අපිට අපේ එදිනෙදා වැඩ පහසුවෙන් කරගන්න පුලුවන් විදියට නිර්මාණය වුණු application කිහිපයක් මං ඔයාලට කියන්නම් GIMP, VLC, Firefox, Libraoffice , file manager යන මේ application ඉතාමත් හොඳ උදාහරණ ලෙස කියන්න පුලුවන්.

CLI – Command Line Interface

CLI කියන්නේ මූලික වශයෙන් විධාන රේඛා වැඩසටහනක් එහෙමත් නැත්තම් command line program එකක් .යම් කාර්යයක් කරගැනීම සඳහා මූලික වශයෙන් ටර්මිනාලය හරහා විධි විදාන  භාවිතා කරන ඕනෑම යෙදුමක් මේ ගණයට අයත් වෙනවා.

apt-cache is a CLI tool for interacting with APT cache on Debian-based systems

මුල් කාලයේ භාවිතා වුන පරිගණක වලට මුසිකයක් එහෙමත් නැත්තම් අපි මේ දැන් භාවිතා කරන Mouse එකක් තිබුනේ නෑ ඒවාගේ සිදුවුනු සියලුම වැඩ කරනු ලැබූවේ command line එක හරහායි.

මෙය අසන විට ඔබට සිතෙනු ඇති මෙය මොන තරම් අමාරු වැඩක්ද කියල නමුත් ඔබ දන්නවාද අතීතයේ තිබූ පරිගණක වල ඔව්න් ලියන ලද ලිපියක් හෝ බැලීමට ඔව්න්ට පර්ගණක තිරයක්වත් තිබුනේ නැති බව.ඔවුන් ඔවුන්ගේ ටයිප් කළ සියළු විධාන බැලීමට කඩදාසි මුද්‍රණ යන්ත්‍රයක් තමයි තිබිලා තියෙන්නේ. 

Ken Thompson And Dennis Ritchie Working on developing UNIX operating system on PDP 11 computer.

CLI කියන දේ මේ කාලයට ගැළපෙයි ද? අනිවාරෙන්ම ගැලපෙනවා මොකද Firewalls හදන්න ජාල කළමනාකරණය කරන්න ඒ නැතත් packages කළමනාකරණය කරන්න වගේ OS එකෙහි මුලිකම වැඩවලට අවශ්‍ය ගොඩක් විධි විධාන කරන්නේ මේ CLI එක හරහායි. එකම කාර්යය කරන්න GUI සහ CLI භාවිතා වන වැඩසටහන් තියේ ඒත් ඔය වැඩ වන විට ඒවගෙන් වැඩි ප්‍රවේශයක් ලබාදෙන්නේ CLI එකටයි. ඒ වන දෙයින් බලාගන්න පුළුවන් වෙන්නේ GUI එකේ අපිට රූපමය ආකාරයට අර CLI එක හරහාම සිදු කරන දෙය කරනා බවයි. 

Handbrake GUI app uses FFMPEG CLI tool underneath.

ඉතා ජනප්‍රිය GUI මෘදුකාංග පවා CLI පාදක කරගෙන තමයි වැඩ වෙන්නේ උදාහණයක් ලෙස opensource media converter එකක් වන Handbreak මෘදුකාංග ය සලකන්න පුලුවන්. එය භාවිතා වෙන්නේ FFMPEG  කියන CLI එක පාදක කරගෙනයි. පැහැදිලිවම මෙම CLI භාවිතා කිරීම GUI තරම් පහසු නෑ. නමුත් ඔයාට CLI භාවිතා කිරීමට වැඩිය අවශ්‍යතාවයක් නැත්තම් GUI භාවිතා කරමින් ඔබගේ ලිනක්ස් පද්ධතියේ භාවිතයට ගන්න පුලුවන්. නමුත් ඔයා මූලික ලිනක්ස් CLI භාවිතා කිරීම ට දැනගෙන සිටීම ඔයාගේ වැඩ කිරීමට විශාල වශයෙන් උදව්වක් වෙයි කියලා හිතනවා.

TUI – Terminal User Interface (also known as Text-based User Interface)

මේ තුනෙන් වඩාත් නුහුරු වචනයක් ලෙස මේ TUI එක කියන්න පුලුවන්. මෙම TUI එකෙහි මුලික වශයෙන් GUI කොටසක් හා CLI කොටසක් අඩංගු වේ හරිම ව්‍යාකූලයි නේ ඉන්න මම පැහැදිලි කරන්නම්.

ඔයා දැනටමත් දන්නවා මේ GUI කියන දේ පැමිනීමට පෙර පැවතියේ CLI පදනම් කරගත් විධි විධාන කියා.මෙම TUI එහෙමත් නැත්නම් කිසියම් අක්ෂර මත පදනම් වූ පරිශීලක් අතුරුමුහුනතක් ඔබට ඔබේ Terminal එකේ ඉතාමත් සරල චිත්‍රක අන්තර්ක්‍රියා (Graphical interaction) සපයනවා. අපි මේ කතා කල TUI වල අපිට පෙනෙන්නට GUI එකක් තියෙන නිසා මෙම terminal එකේ අපේ මූසිකය හා යතුරුපුවරුව භාවිතයෙන් වැඩ කරගැනීමටද පුළුවන්.

nnn File Browser in terminal

TUI piyathum ඉතා සුලභ නොවුනත් තවමත් මේවා භාවිතා කරනවා. උදාහරණයක් ලෙස ගත්තොත් terminal පදනම් කරගත් වෙබ් browsers හා Terminal පදනම් කරගත් ක්‍රීඩා TUI වැඩසටහන් සඳහා හොඳ උදාහරණයකි.

CMUS is a terminal-based music player

මෙම TUI යෙදුම් GUI යෙදුම් තරම් සරල නොවුවත් ඔයාගේ වැඩ කිරීමේදී මෙය CLI යෙදුම් වලට වඩා භාවිතා කිරීම ඉතා පහසුවක් වේ.

Source = Itsfoss

Author

Buddhika

I am a Management Information Systems undergraduate at NSBM.

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.