ලෝකයේ Open Source Linux Community වල ඉන්න නම් දරාපු නාමයන් දෙකක් විදියට Ubuntu හා Fedora හදුන්වන්න පුලුවන්. මේ දෙකෙන් ඔබට ගැලපෙනම Distro එකක් ගැන ඔබ දැනගන්නේ කොහොමද?
Ubuntu සහ Fedora අතර ප්‍රධාන වෙනස්කම්
හොදම Distro එක තීරණය කරන්න කලින් පොඩි වෙනස්කම් ටිකක් කතා කරමු මේ දෙක අතර තියෙන. මේ වෙනස්කම් ටිකෙන් පස්සේ ඔබට තීරණය කරන්න පුලුවන් ඔබ පාවිච්චි කරන්නෙ නිවැරදිම Distro එකද කියන දේ.
Installation
මේ Distro දෙක install වෙන්නෙ කොහොමද?
මේ Ubuntu, Fedora distro දෙකම ship වෙන්නේ බොහොම modern installers වල එකිනෙකාටම ආවේනික වුනු installation process එකක් එක්ක.
Ubuntu ගැන කථා කළොත් install කරන්න යන වෙලාවෙදි Ubiquity installer එක එක්ක වැඩ කරන්න අවස්ථාව ලැබෙනවා. Ubuntu run කරන්න අවශ්‍ය basic requirements සෙට් එකට ගැලපෙනවානම් මුලු කාලය විනාඩි 10ක් වගේ ඇතුලත මුලු installation process එකම සාර්ථක වෙනවා. ඒ වගේම මේ ubiquity installer එකට සම්බන්ධ තවත් වැදගත් කාරණාවක් වෙන්නේ Ubuntu වලට කලින් ඔබේ පරිගණකයේ Hard Disk එකේ තිබුන Windows OS එක detect කරගන්නවා වගේම ඔබට උදව් කරනවා Ubuntu හා Windows dual boot කරගන්නත්.
Fedora වලට පාවිච්චි වෙන්නේ Anaconda Installer එක. මේ Anaconda Installer එක සේරම Redhat OSes වැඩ කරන්න පහසුකම සැලසෙනවා. Ubiquity Installer එක වගේම බොහොම straight forward installation ක්‍රමයක් තමයි Anaconda Installer එක සතුවෙන්නෙත්. කෙනෙක්ට ගැටලුවක් ඇතිවුනොත් මොකක්ද හොදම OS installer එක කියලා, මම හිතනවා Anaconda Installer එක තමයි එතනට ගැලපෙන්නෙ කියලා. ඒකට හේතුව Anaconda එක්ක start එකේ ඉදන් නිවැරදිව OS එක customize කරලා හරියට install කරගන්න අවස්ථාව හිමි වෙනවා.
Base Distribution & Enterprise Support
Base Distribution එක ගැන කථා කළොත් මූලිකවම Ubuntu පදනම් වෙන්නෙ Debian, The Universal Operating System එක එක්ක. ඒ වගේම Fedora වලට පදනම් වෙන්නෙ Red Hat Platform එක. මේ Platform දෙක අතරින් Debian තමයි මේ අතරින් සෑහෙන කාලයක් පැවතුනු community එක වෙන්නෙ. ඒ වගේම විශාලතම community එක වෙන්නෙත්. ඒ වගේම මේ ලිපිය ලියන මොහොතෙත් Ubuntu පාවිච්චි කරන file system architecture එක, package managers වගේම repo formats සේරම Debian modules වගේම තමයි තියෙන්නෙ.
අපි Fedora ගැන කිව්වොත් Fedora වලට support කරන්නෙ Red Hat – RHEL Distro එකෙන්. Fedora පාවිච්චි කරනවා RHEL Core එක. හැබැයි Ubuntu වගේ තනි architecture එකක් පාවිච්චි කරන්නෙ නෑ. Fedora පාවිච්චි කරද්දි RHEL ගැන යම් අවබෝධයක් ලබාගන්න පුලුවන්.
Default Desktop Environment
Desktop Environment කියලා මෙතන අදහස් කරන්නෙ GUI එක. GUI එක මොන විදියටද User සහ OS එක අතර තියෙන සම්බන්ධතාවය ගොඩනගන්න උදව් වෙන්නෙ කියන දේ. Linux Distro පාවිච්චි කරන කෙනෙක්ට ලේසියෙන්ම විවිධ Desktop Environments එක්ක වැඩ කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම හැම Distro එකක්ම එන්නෙ ඒකටම අදාල වුන default desktop environment එකක් තියෙනවා.
මේ Ubuntu වැඩ කරන්නෙ එයටම අදාල වුනු, එයටම ආවේණික වුනු user interface, desktop environment එකක් තිබෙනවා. මේක නමින් හදුන්වන්නෙ Unity කියන නමින්. මේ Unity interface එක ගැන පොඩි පැහැදිලි කිරීමක් කළොත්, මේ ලිපිය ලියන මොහොත වෙද්දි Current stable version එක විදියට පවතින්නෙ Groovy Gorilla Code Name එක යටතේ 20.10 version එක. මේ version එකේ වගේම කලින් version එක වුනු 20.04 version එකත් පාවිච්චි කරන්නෙ Unity interface එකම තමයි. Ubuntu 17.10 version එකේදි Ubuntu විසින් මේ GNOME desktop environment එකට සම්බන්ධ GNOME SHELL එකට මාරු කිරීමත් භාවිත කරන අයට උන ලොකු පහසුවක් වෙනවා.
Fedora වැඩ කරන්නෙ pure vanila GNOME එක ඇසුරින්. අලුතින් එන GNOME Version එකක් අපි ගත්තොත් ඒකේ මුල්ම implementation එක release වෙන්නෙ Fedora අතින්. ඒ වගේම KDE Plasma Desktop, Xfce Desktop, LXQt desktop environment, Cinnamon Desktop වගේ alternative environments ගණනාවක් Fedora සතු වෙනවා.
කට්ටිය මේ ගැන තමන් දරන අදහසත් එකතු කරන්න. මේ ගැන මුලින්ම දැනගන්න කෙනෙක්ටත් ඒකෙන් සෑහෙන ප්‍රයෝජනයක් වේවි.
දිගටම FOSS Blog එක ඒක්ක රැදිලා ඉන්න. නැවත හමුවෙමු…
Source: https://www.fosslinux.com/43582/ubuntu-vs-fedora.htm