මොකක්ද මේ dual WhatsApp?

පසුගිය කාලෙ සිද්ධවුනු එක්තරා ආන්දෝලනාත්මක සිදුවීමක් නිසා කරළියට ආව කාරණා තමයි කොහොමද එකම phone එකක, WhatsApp accounts දෙකක් (dual WhatsApp) භාවිත කරන්නෙ කියන ප්‍රශ්නය සහ audio file එකක් leak උනොත් ගන්න ඕනෙ ක්‍රියාමාර්ග මොනවද කියන එක. ඉතින් තාක්ෂණික තොරතුරු කතාබහ කරන blog එකක් විදිහට, මෙහි ඇති තාක්ෂණික පැතිකඩ පිළිබඳව සොයාබැලීමයි මෙම ලිපියෙහි අරමුණ වන්නේ.

Dual whatsapp icon on Android device

ආරම්භයේදී WhatsApp messaging app එක ප්‍රධාන වශයෙන් හිතමිතුරන්, ඥාතීන් අතර සන්නිවේදන සබඳතා පවත්වාගැනීම වැනි වූ පෞද්ගලික කාරනා සඳහා භාවිත වූවත්, අද වන විට ව්‍යාපාර හා ආයතනික කටයුතු සඳහාද බෙහෙවින් භාවිත වන මාධ්‍යයක් බවට එය පත්ව තිබෙනවා. මේ දිනවල පැතිර යන COVID – 19 ගෝලීය වසංගත තත්වය හේතුවෙන් ආරම්භවූ “Work from home” සංකල්පයත්, මෙම app එකෙහි ඇති user – friendly ස්වභාවයත් එයට හේතූන් ලෙස සැළකිය හැකියි.

WhatsApp accounts (dual WhatsApp) දෙකක් එකම phone එකක භාවිත කරන්න විවිධ වූ හේතූන් තියෙන්න පුළුවන්. බොහෝ දෙනෙක්ට ඇති ප්‍රශ්නයක් තමයි රාජකාරී කටයුතු වලට අයත් chats වගේම පෞද්ගලික chats එකම account එකක් තුළ තිබීම පැටලිළිසහගත වීම. එවිට ඇතිවන අපිළෙවෙල ස්වභාවය නිසා පුද්ගලයෙකුගේ රාජකාරිමය කටයුතු සඳහා එය බාධාවක්ද විය හැකියි. 

එමනිසා එකම phone එකක Whatsapp accounts (dual WhatsApp) දෙකක් create කරගන්න ආකාරය අපි සොයා බලමු. මෙය සිදුකරන ප්‍රධාන ආකාර දෙකක් පවතිනවා. ඉන් පළමු ආකාරය සිදුකළහැක්කේ සමහර phone brandsවල පමණයි. එම phone brands වල apps clone කිරීමට හැකි feature එකක් පවතිනවා. එමගින් accounts දෙකක් create කරගත හැකියි. දෙවන ආකාරය නම් third party app cloning app එකක් හරහා මේ කටයුත්තම සිදුකරගැනීමයි. නමුත් මේ කුමන ආකාරයකට සිදුකිරීමටත්, ඔබට sim පත් දෙකක්, එනම් phone numbers දෙකක් පැවතිය යුතුයි.

App cloning feature

Samsung, Xiaomi, Vivo, Oppo, Huawei සහ Lenovo වැනි android phone brands වල මෙම feature එක දැකගත හැකියි. එය සිදුකරන ආකාරය පහත පියවර මගින් පැහැදිලි කරගත හැකියි.

පියවර 01

Playstore හෝ Appstore මගින් Whatsapp app එක install කර ඔබගේ එක් දුරකථන අංකයක් එහි register කරගන්න.  (ඔබගේ ජංගම දුරකථනයේ දැනටමත් WhatsApp පවතී නම්, ඔබ මෙම පියවර මගහැරිය යුතුයි)

පියවර 02

දැන් ඔබගේ දුරකථනයේ settings වෙත ගොස් එහි ඇති Dual App/ Clone App/ Twin App (දුරකථන වර්ගය අනුව මෙම option එකෙහි නම වෙනස් වේ) option එක වෙත යන්න.

පියවර 03

එම option එක click කළපසු clone කළහැකි apps ලැයිස්තුවක් ඔබට දැකගත හැකිවේවි. එයින් WhatsApp තෝරාගෙන install option එක click කරන්න.

පියවර 04

එමගින් දෙවන WhatsApp account එක setup කර එය open කරගන්න.

පියවර 05

ඉන්පසුව ඔබට ඔබගේ දුරකථන අංකය register කිරීමට සිදුවේ. එවිට ඔබගේ අනෙක් දුරකථන අංකය ලබාදීමට වග බලාගන්න. එවිට ඔබට තනි smart දුරකථනයක් තුළ WhatsApp accounts දෙකක් භාවිත කිරීමට හැකිවනු ඇති.

Third party app cloning app එකක් භාවිතය

Apps clone කිරීමේ feature එකක් නොපවතින smart ජංගම දුරකථන සඳහා මෙම ක්‍රමවේදය භාවිත කළ හැකියි. මෙවැනි apps ගණනාවක් Playstore හා Appstore මගින් ඔබට සොයාගත හැකි වේවි. මෙහිදී, පළමු ආකාරයේදී app cloning feature එක මගින් සිදුකරනු ලබන ක්‍රියාවලියම third party app එක මගින් සිදුකරනු ලබයි. ඉතිරි පියවර සියල්ල පළමු ආකාරයටම සමාන වේ.

Audio files leak උනොත්?

SLCERT

මේ දවස්වල සමාජයේ දැඩි කතාබහට ලක් වෙන කාරණාවක් තමයි පුද්ගලයින්ගේ sensitive data leak වෙන එක. Audio files එහෙමත් නැත්නම් අපි කවුරුත් දන්න විදිහට කිව්වොත්, හඬපටත් මේ විදිහට leak වෙනවා. ඉතින් එහෙම දෙයක් සිද්ධවුනහම ඒ ගැන පැමිණිළි කළ හැකි ප්‍රධාන පාර්ශව දෙකක් සිටින බව ඔබ දැන් සිටියාද?

එනම් SLCERT (Sri Lanka Computer Readiness Team) සහ ශ්‍රී ලංකා පොලීසියයි. SLCERT හි e තැපෑල වන [email protected] සහ ශ්‍රී ලංකා පොලීසියෙහි වෙබ් අඩවිය වන https://www.telligp.police.lk/ ඒ සඳහා භාවිත කළ හැකියි.

මා මෙම ලිපිය ආරම්භයේදී සඳහන් කළ ආන්දෝලනාත්මක සිදුවීම හේතුවෙන් අවසානයේදී යමක් පැවසීම සුදුසු යැයි සිතුණා. මිනිසා විසින් මිනිසා උදෙසාම දිනෙන් දින දියුණුවට පත් කරමින් සිටින තාක්ෂණය, අවභාවිත නොකර සිටීමට තරම් බුද්ධියක් හා සංයමයක් මිනිසා සතුවිය යුතුයි. එසේ නොමැතිව තාක්ෂණය කෙතරම් දියුණුවට පත්වුවද ඉන් අත්වන ඵලක් නැත.

Author

0 Comments

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.